Friday 12 July 2013


අද මම කියන්න යන්නේ තවත් එක්තරා විදිහට ජීවිතය වැරැද්ද ගත්ත පුද්ගලයෙක් ගැන.. මේ පුද්ගලයා මුදල් නිසා තමන්ගේ ජීවිතය විනාස කර ගත පුද්ගලයෙක්. මගේ යාලුවෙක් ඉන්නවා ප්රලසන්න කියලා. දවසක් මට එයා කිව්වා මචන් උබ එක එක මිනිස්සු ගැන පොතක් ලියනවනේ.. උබ මේ මනුස්සයත් මුණ ගැහිලා කතා කරලා බලපන් මෙන්න ඇඩ්රස් එක කියලා. ලිපිනයේ විදිහටනම් එයා ඉන්නේ මාවනැල්ල ප්රිදේශයේ උතුවන් කන්ද කියන පැත්තේ.. මම ඒ මනුස්සයාව මුණ ගැහෙන්න සෙනසුරාද දිනයක් බලාලා ගියා මාවනැල්ල ප්‍රදේශයට.. ඒ පැත්ත ගොඩාක් ලස්සන පැත්තක්. ගොඩාක් අමාරුවෙන් ගෙදර හොයා ගත්තා කියමුකෝ.. මේ මනුස්සයා කිව්වා අදනම් කොහෙත්ම කතා කරන්න බැ හෙට එන්න අද මන් අලුත් නුවර යනවා මහත්තය හෙට එන්න මන් ගෙදර ඉන්නම් කිව්වා... කරන්න දෙයක් නැති කමට මම එදා දවස මාවනැල්ල ටවුන් එකේ රෙස්ටුරන්ට් එකක නවතින්න තීරණය කළා... කොහොමින් කොහොම හරි මම එයා කියපු විදිහටම වෙලාවට ගෙදරට ගියා... එක ගෙයක් කිව්වට කඩා වැටෙන්න ඔන්න මෙන්න වගේ... ඉතින් කියන්නකෝ මාමේ ඔයාගේ කතාව.. මම කෙලින්ම වැඩේට බැස්ස... ම්ම්ම්ම්ම්ම්ම් කියලා මහත්තයෝ අපේ පවුලට හිටියේ මම විතරයි.. මමයි අම්මයි හිටියේ.. ,මේක උනේ හරියටම කියනවනම් 1997 දී විතර.. මට ඒ වෙනකොට අවු 28 ක් විතර ඇති. මන් ඒ වෙනකොට කුසුම් කියලා ගැනු ළමයෙක්ව කසාද බැදලා හිටියේ... කුසුම්ව මම බැන්දේ අවුරුදු 05 ක් විතර ආදරය කරලා.. මේක වෙනකොට අපි බැදලා මාස 10 ක් වගේ වෙන්න ඇති. ඒ වෙනකොට අපිට ළමයි හිටියේ නැ.. මම වැඩ කලේ කොලබ කම්පනියක ඩයිවර් කෙනෙක් විදිහට.. මගේ පුරුද්දක් තිබුනා ඒ දවස් වල ලොතරැයි ගන්න එක... 


මගේ අපලේ පටන් ගත්තේ 1997 වර්සේ අගෝස්තු 18 වෙනිදා මට අද වගේ මතකයි.. මම වැඩ ඇරිලා බෝඩිමට එන ගමන් නිකමට බැලුවා මගේ තිබුන ලොතරෙයිය මට හුස්ම ගන්න බැරිඋනා මහත්තයෝ ඒ වෙලාවේ.. මෙන්න මට පළමු තෑග්ග ඇදිලා.. රුපියල් ලක්ෂ 28 ක් ... ඒ දවස්වල හැටියට මහත්තයෝ එක අද වටිනවා කොටි 02 ක් විතර. මන් මේ ගැන ගෙදරට කිව්වේ නැ මොකද අපේ කුසුමට කිව්වොත් ඔක්කොම සල්ලි එයාට දෙන්න වෙනවා මොකද එයා තමයි මගේ හැම දෙයක්ම පාලනය කරේ.. මන් මේ ගැන මගේ යාලුවෙකුට කිව්වා එයා හිටියේ ගල්කිස්ස පැත්තේ.. උ කිව්වා හරි මචන් මම මේක ගැන කාටවත් කියන්නේ නැ.. අපි මේක හිමිට කරන්නේ මොනවද කියලා බලලා කතාකරගමු.. මමත් එකට කැමති උනා.. මගේ යාළුවා කිව්වේ මේ සල්ලිත් තියාගෙන ගමට වෙලා කොරන්න දෙයක් නැ ලැබුන සල්ලි ඩබල් කරගන්නවානම් කොලබ බිස්නස් වලට බැහැපන් කියලා.. මටත් හිතුනා ඒ වෙලාවේ මොකක්හරි බිස්නස් එකක් කරන්න කොහොම හරි ඒ විදිහට මම රු ලක්ෂ 07 ක් විතර වියදම් කරලා හර්ඩ්වෙයාර් කඩයක් දාගත්තා.. මගේ යාලුවා මට කොමර්ෂල් බැංකුවේ ජංගම ගිණුමකුත් ඕපන් කරලා දුන්නා.. චෙක් ලියන්න පුළුවන් හින්දා.. කොහොම හරි කඩේ වැඩ පටන් ගත්තා එක බලා ගත්තේ මගේ යාලුවාමයි,, මට තිබුනේ හවසට බිල් බලලා සල්ලි හරිද බලන්න විතරයි.. අනිත් හැමදේම කරේ මගේ යාලුවා... මේ කරන දේවල් ගැන ඒ වෙනකොට ගෙදරින් පොඩ්ඩක්වත් දන්නේ නැ.. මම වෙනදට සතියකට සැරයක් ගෙදර යන කෙනා ගියේ මාසෙකට සැරයක් විතරයි.. ඒ හින්දා කුසුම් මාත් එක්ක ටිකක් රණ්ඩු වේවි තමයි හිටියේ.. මෙහෙම ඉන්න අතරේ මමයි යාළුවයි ක්ලබ් වලට යන්න පුරුදු උනා. එහෙම යන අතරේදී තමයි මට චමිලාව හම්බ උනේ.. චමිලා කියන්නේ ගොඩාක් ලස්සන කොලබ කෙල්ලක්.. එයා ක්ලබ් එකේ ඇවිත් හිටියේ තව යාළුවොත් එක්ක.. කොහොම හරි මමයි චමිලයි ගොඩාක් අදුන ගත්තා අපි දෙන්න හැමදාම කෝල් කරා කොහොම හරි සතියක් දෙකක් යද්දී මේක ආදරයක් බවට පෙරලුනා.. චමිලා දැනගෙන හිටියේ මම බැදපු කොල්ලෙක් කියලා.. කොහොම හරි අපි දෙන්න දවස් දෙකකට සැරයක් විතර හැමදාම කොහේ හරි රූම් එකකට ගිහින් දවසම ඉදලා එන්නේ.. මේකට මගේ යාලුවා කැමති උනේ නැ .. පස්සේ මගේ යාලුවා මට ඇනයක් උනා .. දවසක් බීපු වෙලාවක මම බොරු රණ්ඩුවක් අල්ලාගෙන උව හර්ඩ් වෙයාර් ඒකෙන් එලව ගත්තා. චමිලා කියන්නෙත් බැදලා හිටිය ගැනු කෙනෙක් මනුස්සයා හිටියේ රට. කොහොම හරි මගේ යාලුවා ගියාට පස්සේ මම චමිලව මම මගේ ලගට ගත්ත. අපි වෙනම කුලියට ගෙයක් ගත්තා. ඊට පස්සේ හර්ඩ් වෙයාර් එක බලාගත්තේ චමිලා.. මම වෙනදේවල් ගැන හොයන්න ගියෙත් නැ . කොහොම හරි චමිලගේ කීමට අපි දෙන්නට ගමන බිමන් යන්න මරුති කාර් එකකුත් ගත්තා.ඒක ගත්තේ චමිලගේ නමට.. එකට ඔක්කොම වගේ වියදම් ගියා රු ලක්ෂ 6 ක් විතර කොහොම හරි දවසක් මමයි චමිලයි රැ ගෙදරට වෙලා ඉන්නකොට දෙන්නෙක් ඇවිත් දොරට තට්ටු කළා මට එදා තරු විසි උනා එදා ඇවිත් හිටියේ වෙන කවුරුත් නෙමෙයි කුසුමුයි කුසුම්ගේ මල්ලි කෙනෙකුයි... මට කියන්න තියන හැම විදිහකින්ම බැනලා මගේ මුනට කෙලත් ගහලා ගියා ,, ඊට පස්සේ කුසුම් මගෙන් ඩිවෝස් එක ඉල්ලලා නඩුවක් දැම්මා මට ඒ නඩුවට වගේම කුසුමට වන්දියක් විදිහට රු ලක්ෂ 05 ක් විතර වියදම්ම් උනා... මටත් ඒ වෙනකොට උවමනා වෙලා තිබුනේ කුසුම්ගෙන් නිදහස් වෙන්න. චමිලා උනත් කිව්වේ එයත් එයාගේ මනුස්සයගෙන් වෙන් වෙලා මගේ ලගට එනවා කියලා.. කොහොම හරි මෙහෙම අවුරුද්දක් විතර ගෙවිලා ගියා මම ගමේ ගියේ මස 02 සැරයක් විතර චමිලගේ මනුස්සයා ඒ වෙනකොට දෙපාරක් විතර ඇවිත් ගියා එත් එයා ඩිවෝස් එක ගත්තේ නැ.. එයා කිව්වේ මට ටිකක් ඉවසන්න කියල. කොහොම හරි මේ වෙනකොට මගේ පොතේ ඉතිරි වෙලා තිබුනේ ලක්ෂ 05 ක් 06 ක් විතර... චමිලා කියන්නේ ගොඩාක් ලස්සන වගේම පුදුම විදිහට වියදම් කරන ගැනියක්. එයා හැමදාම හවසට කාර් එකත් අරගෙන යනවා ගිහින් එන්නේ 07 ට 08 ට විතර ඇහුවම කියන්නේ යාලුවන්ගේ පාර්ටි එකකට ගියා ඔය වගේ දේවල්.. මට එයත් එක්ක යන්න බැරි මම ගැන කවුරුත් දන්නේ නැති නිසා. කොහොමින් කොහොම හරි මට තේරුනා අපේ බිස්නස් එක අඩාළ වේගෙන යන බව. ඒ ගැන කතාකරන්න ගියාම චමිලා මගේ ඇගට කඩාපනිනවා ඔයාට මව සැකද මෙහෙම සැකෙන් ඉන්න බැනේ මම යන්නම් එහෙනම් ගෙදර ඔයා ඉන්න කියනවා,, කිසි දෙයක් කරගන්න බැරි නිසා මම ඉතින්සද්දේ නැතිව ඉන්නවා,, මේ විදිහට යනකොට හර්ඩ් වෙයාර් එකට ගත්ත සිමෙන්ති වගයකට ලක්ෂ 04 ක විතර ඇරියස් එකක් තියනවා එක ගෙව්වේ නැත්නම් ආය බඩු දන්නේ නැ කියලා සිමෙන්ති කම්පනියෙන් කතා කරලා කිව්වා. මම මේ ගැන චමිලා එක්ක කතා කළා ඊට පස්සේ එයා කිව්වේ පොතේ සල්ලි වලින් අරන් දෙමු කියලා. කොහොම හරි පොතේ තිබුන සල්ලි වලින් අරන් ඒ ලක්ෂ 04 ගෙවලා දැම්මා.. මෙහෙම ඉන්න අතරේ මගේ අම්මා එක පාරටම අන්තරා උනා.. කොහොම හරි ඒ වැඩ ටික කරලා මම ගෙවල් වහලා දාලා කොලබ අවා. දැන් බිස්නස් කලාට කඩේ වැඩ කරන ගෝලයෝ දෙන්නට පඩියි.. කඩේ බිම කුලියයි... වාහනේට දවසට ගහන පෙට්‍රලුයි... ගෙවල් කුලියි බැලුවම ආදායමට වඩා වියදම වේඩියි කියලා මට හොදටම දැනුනා... එයා කිව්වේ බය වෙන්න එපා අපි මොනවා හරි කරමු කියලා කිව්වා.. කොහොම හරි ටික දවසක් යද්දී බිස්නස් කරන්න සල්ලි නැති නිසා චමිලගේ යාළුවෙක්ගෙන් පොලියට සල්ලි අරන් දෙන්නම් කියලා එයා සල්ලි වගයක් අරන් ආවා.කොහොමහරි චමිලා රුපියල් ලක්ෂ 05 ක් යාලුවෙකුගෙන් පොලියට ගත්තා කියලා මට ගෙනත් දුන්නා.. කොහොමහරි මාස 05 ක් 06 ක් යනකොට මට තේරුනා මේ හාඩ්වෙයාර් වැඩේ හරියන්නේ නැ කියලා මොකද මාසෙට නයට ගත්ත සල්ලි වලට පොලිය ගෙවන්නයි ගෙවල් කුලියි අනිත් වියදම් මේ ඔක්කොම එක්ක වියදම් පියවගන්න තව තව නය ගන්න වෙනවා කියලා මට හිතුනා.. මම චමිලට කිව්වා මේ වැඩේ හරියන්නේ නැ හාඩ්වෙයාර් එක වහලා දාලා මම මොකක් හරි ජොබ් එකක් හොයාගන්නවා කියලා.. එහෙම කියලා හාඩ්වෙයාර් එකේ හැම එකක්ම විකුණලා මම චමිලා අරන් දුන්න නය ගෙවන්න කියලා දුන්නා.. ඒ වෙනකොට මගේ පොතේ තිබුනේ රු ලක්ෂයක් විතර එකෙන් මාස 02 ක් විතර මොකුත් ජොබ් එකක් ගෙදරට කුලි ගෙවාගෙන හිටියා.. ඒ ඒකකම චමිලගේ බැදලා හිටපු මිනිහා ආවා. මන් කිව්වා චමිලට කිව්වා මේ පාර එයාගෙන් ඩිවොස් එක ඉල්ලන්න කියලා. චමිලා කිව්වා හරි මේ පාර ගන්නම් කියලා.. ‍එහෙම කියලා දවස් කිපයකින් චමිලා කිව්වා අපේ කාර් එක ට්රා.න්ස්පොර්ට් සර්විස් එකකට දුන්නා කියලා මාසේකට 30000 ක් දෙනවා කියලා.. මමත් කිව්වා ඒක හොදයි මොකක් හරි ආදායමක් එනවනේ කියලා.. මෙහෙම ඉදලා සතියකින් විතර එක පාරටම චමිලා අතුරුදහන් වුනා.. දවස් 02 ක් මන් බලාන හිටියා චමිලා ගෙදර ආවේ නැ.. මන් චමිලගේ යාලුවෙකුට කතා කරලා බැලුවා.. ඒ වෙලාවේ තමයි මන් මෙච්චරකල් කරපු ගොන් වැඩ එකින් එක තේරුම් ගත්තේ.. යාලු‍වා කිව්වේ චමිලා එයාගේ මහත්තයා එක්ක රට ගිහින් කියලා.. මන් සති 03 ක් බැලුවා අඩුම මට කොල් කරයි කියලා නැ.. මන් චමිලා කියපු ට්රකන්ස්පොර්ට් සර්විස් එකට ගියාම තමයි දැන ගත්තේ චමිලා කාර් එක රෙන්ටල් එකට නෙමෙයි කාර් එක පොතත් එක්කම එයාට විකුණලා කියලා.. මන් මෙච්චර කල් පොලි කිය කිය ගෙවලා තියෙන්නේ මගේම සල්ලි වලට කියලත් මන් එයාගේ යාලුවෙකුගෙන් දැනගත්තා.. එයා යලුවෙකුගෙන් කියලා දිලා තියෙන්නේ එයාමයි.. මට හැමදෙයක්ම නැති වුනා.. පොතේ ඒ වෙනකොට ඉතිරි වෙලා තිබුනේ රුපියල් 20000 ක් විතරයි.. මට ගමට එන්නත් ලැජ්ජයි.. කරන්න දෙයක් නැති කමට මන් ගමට ආවා ඇවිත් මාස ගානක් තිස්සේ දුකට බිව්වා.. අන්තිමට මට සල්ලි නැති නිසා මගේ ඉඩම් වික්කා දැන් මට මේ ගේ කැල්ල තියන තැන විතරයි තියෙන්නේ. ඔකයි මහත්තයෝ මගේ කතාව මට සල්ලි නිසා මට අවුරුදු ගානක් ආදරේ කරපු කුසුම් නැතිවුනා.. මගේ අම්මව හරියට බලාගන්න බැරි උනා.. දැන් මන් පොඩි පොඩි කුලිවැඩ කරලා තමයි ජිවත් වෙන්නේ.. ( මේ කතාව මම අහගත්තේ බොහොම අමාරුවෙන් මොකද මනුස්සයා කාතාව කියන අතරේ නිතරම අඩනවා)
අපිට මේ කතාවෙන් ජිවි‍තේට ගන්න ගොඩාක් දේවල් තියනවා.. සල්ලි ලැබුනම ඉගිල්ලෙන්න හදන මිනිස්සු ඔන තරම් දැකලා ඇති. තවන්ට ඇති දා ලග ඉන්න අය නැති දා දුරස් වෙන අයව කවදාවත් ජිවිතේට ලන් කරගන්න එපා.. තමන්ගේ අම්මා තාත්තා සහෝදරයන් බිරිද දරුවන් මේ හැමෝම තමන්ව කවදාවත් දාලා යන අය නෙමෙයි.. තව දෙයක් තමන්ගේ හැගිම් වලට වහල් වෙලා ජිවිතේ නාස්ති කරගන්න හදන්නත් එපා සමහර විට ඔයා‍ලගේ ජිවිත වලත් මේ කුසුම් වගේම චමිලා වගේ චරිත ජිවත්වෙනවා ඇති.. මනසින් හිතලා තිරනය කරන්න.. මතක තියාගන්න ජිවිතය වරදින්න ලොකු වෙලාවක් යන්නේ නැ.. ටිකක් හැගීම් පැත්තකට තියලා බුද්දියෙන් කල්පනා කරලා තීරණ ගන්න.. ඔබට සුබ දවසක්.....

2 comments:

  1. අම්මො... පෙනවනෙ කොල්ලන්ගෙ මෝඩකම ...

    ReplyDelete
  2. අඩේ සිරා කතාවක්ද බන්? පිස්සු වැඩක්නේ කරගෙන තියන්නේ

    ReplyDelete